- අප සියලුම දෙනාට නීරෝගීව සිටීමට ව්‍යායාම අත්‍යාවශ්‍ය වේ.
- ව්‍යායාම ඉන්සියුලින් ඇඟට උරා ගැනීමට උපකාරී වේ.
- ව්‍යායාම මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරයි. එම නිසා ඉන්සියුලින් අවශ්‍යතාවය අඩුකරයි.
- එසේ වුවත් ව්‍යායාම කරන දිනවලදී ඉන්සියුලින් ගැනීම අනිවාර්ය වේ.මස්පිඬුවල සෛලවලට ග්ලූකෝස් වැය කිරීම සඳහා ඉන්සියුලින් තිබීම අත්‍යවශ්‍ය වේ.
- ඉන්සියුලින් නොගෙන ව්‍යායාම කිරීමෙන් පමණක් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය නොවේ. ඉන්සියුලින් නොගෙන සිටීමෙන් රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ යා හැක.
- ව්‍යායාම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුවීම ව්‍යායාම අතරතුර මෙන්ම ව්‍යායාම කර අවසන් වී පැය කිහිපයකට පසු වුවද සිදුවිය හැක. මේ නිසා ව්‍යායාම කරන දිනවලද කල්පනාකාරී විය යුතුයි.
- ඔබ දිනපතා හෝ නිතර ව්‍යායාම කරන්නේ නම් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුවන ප්‍රමාණය ඔබටම වටහා ගත හැක.
- නමුත් ඔබ ව්‍යායාම කරන්නේ කලාතුරකින් නම් ග්ලූකෝස් මට්ටම ඔබ හිතනවාට වඩා අඩුවිය හැක. පහසුවෙන් දිනපතා කළහැකිව ව්‍යායාමවල නිරතවෙන්න. පාසලට ඇවිදීම හෝ බයිසිකලය පැදීම.
- නිතර ව්‍යායාම කිරීමෙන් තරුණ වියේදී අධි තරබාරුබව, අධි රුධිර පීඩනය, රුධිරයේ මේද අධික බව වැනි අවදානම් තත්ව වලින් වැළකිය හැක.
- ව්‍යායාමවලින් මස් පිඬුවලින් ග්ලූකෝස් මට්ටම අඩු කිරීමේ හැකියාව තවදුරටත් වැඩි කරයි. එනම් සතියකට 3-4 වතාවක් ව්‍යායාම කිරීමෙන් ව්‍යායාම කරන දිනවලදී මෙන්ම අතරමැදි දිනවලදීත් ග්ලූකෝස් මට්ටම අඩු කිරීමේ හැකියාව වැඩි වෙයි.
ඔබ තරගකාරී ක්‍රීඩාවලට සහභාගි වන්නේ නම්,
- ඔබගේ දරුවාගේ දියවැඩියා තත්ත්වය ගැන පුහුණුකරු සහ ඇයගේ හෝ ඔහුගේ ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයන් දැනුවත් කරන්න.
- රුධිරයේ සීනි මට්ටම අඩු වූ අවස්ථාවක එය හඳුනා ගැනීමටත්, ඒ සඳහා කළයුතු ප්‍රතිකාර පිළිබඳව ඔවුන් දැනුවත් කරන්න.
- සෑම විටම ප්‍රමාණවත් තරම් වතුර පානය කරන්න. විජලනය වීමෙන් සීනි මට්ටම ඉහළ යා හැක. ජලය 250ml (වීදුරු එකක්) ක්‍රීඩා කිරීමට විනාඩි 20 පෙරත් ක්‍රීඩාව අතරතුර සෑම විනාඩි 20කට වරක් ජලය පානය කරන්න.
- පාසලේ ශාරීරික ව්‍යායාම කරන විට අදාල ගුරුවරයාට ඔබගේ දරුවාගේ දියවැඩියා තත්ත්වය කලින්ම දැනුවත් කරන්න.
- මෙම ක්‍රියාකාරකම් අතරතුර සෑම විට ඔබේ දරුවා සමඟ වෙනත් (මේ පිළිබඳ දැනුවත්) ගුරුවරයෙකු හෝ මිතුරෙකු සිටීම වැදගත්.
- වැඩිපුර අමතර ආහාරයක් (snack) ශාරීරික ව්‍යායාම හෝ ක්‍රීඩා අවසන් වූ පසු ගැනීම වැදගත්ය.
- සවසට ක්‍රීඩා තිබෙන දිනවල දවල් කෑමට පෙර ඉන්සියුලින් ගන්නවානම් මාත්‍රාව අඩුවෙන් ගත හැක (1u – 2u අඩුවෙන්) ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න.
ඔබ එක දිගටම ක්‍රීඩා කරන්නේ නම් (ක්‍රීඩා තරගවලට සහභාගි වේ නම්, උදා: පාපන්දු හෝ පැසිපන්දු) රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිපුර අඩුවිය හැක. එවැනි දිනවලදී ඔබ ගන්නා ඉන්සියුලින් මාත්‍රාව සුළු ප්‍රමාණයකින් අඩු කළ හැක. ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න.
එවැනි දිනවල සීනි අඩුවීම පැය කිහිපයක් යනතුරු පැවතිය හැකි බැවින් රාත්‍රී ඉන්සියුලින් මාත්‍රාව ද අඩු කළ යුතුයි. එවැනි දිනවල අනිවාර්යයෙන් රාත්‍රී 10ට කිරි වීදුරුවක් (සීනි නැතිව) හෝ පාන් පෙති එකක් බටර් සමඟ ආහාරයට ගත යුතුය.
<125: වැඩිපුර අමතර ආහාරයක් ගන්න. (කෙටි ආහාරයක්/ snack)
125 – 180: ක්‍රීඩා කළ හැකිය. විනාඩි 30කට පසු සීනි පරීක්ෂා කළ යුතුය.
180 – 250: ක්‍රීඩා කළ හැක. විනාඩි 30කට පසු සීනි මට්ටම පරීක්ෂා කළ යුතුය.
250: ඉන්සියුලින් අරගෙන (correction dose) පැය එකක් දෙකක් පමණි ක්‍රීඩා කරන්නේ නැතුව ඉන්න. නැවත සීනි පරීක්ෂා කර එය හොඳ නම් ක්‍රීඩා කිරීම ආරම්භ කළ යුතුය. ව්‍යායාම හෝ ක්‍රීඩා අතරතුර සෑම විනාඩි 30කට වරක් සීනි පරීක්ෂා කරන්න.
වැඩිපුර ක්‍රීඩා කරන දිනවලදී වැඩිපුර ආහාරයක් (කාබෝහයිඩ්රේට් කොටස් 1ක්) පළමු විනාඩි 30න් පසුවත් ඉන් පසු සෑම විනාඩි 30කට පසු ගත යුතුය. උදා: ඇඹුල් කෙසෙල් ගෙඩි 1ක්
දවල් වැඩිපුර ක්‍රීඩා කරන දිනවල රාත්‍රී ඉන්සියුලින් මාත්‍රාව අඩුවෙන් ගත හැක. (1u-2u) රාත්‍රී ආහාරයේ කාබෝහයිඩ්රේට් ටිකක් වැඩිපුර ගන්න (1 portion).
සැකසුම – වෛද්‍ය බුද්ධි ගුණසේකර
උපදෙස් – විශේෂඥ වෛද්‍ය නවෝදා අතපත්තු
ළමා දියවැඩියා හා අන්තරාස්ර්ග ඒකකය රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ