
මේ ඉන්නේ හංසි. එයාට තාම අවුරුදු 7යි. ඒ වුනාට එයා ඉක්මනින් ලොකූ වෙනවා. එයා පන්තියේ උසම ළමයා.
හංසිට පන්තියේ අනිත් ළමයින්ට වඩා වේගයෙන් දුවන්නත්, උස පනින්නත් පුලුවන්. එත්, ක්‍රීඩා ඉවරවෙලා ඇඳුම් මාරුකරන වෙලාවට හංසි ලැජ්ජාවට පත්වෙනවා. හංසිගේ පියයුරු ලොකූ වෙන්න පටන් අරගෙන. කකුල් දෙක මැද, අත් යට රෝම වැවිලා. සමහර ළමයි එයා දිහා අමුතු විදියට බලනවා. සමහරු එයාව පෙන්නලා රහසින් මොනවද කතා වෙනවා.
හංසි මේ වෙනසට කැමති නැහැ. එයාට හරිම දුකයි. එයාට මේ වෙනස තේරෙන්නෙ නැහැ. සමහර වෙලාවට එයාට අම්මයි මල්ලියි එක්කත් තරහා යනවා. ටිකක් වෙලා ගියාට පස්සේ එයාට එයා ගැනම දුක හිතෙනවා.
රෝහලට යනවා

ගිය සතියේ අම්මා හංසිව රෝහලට ගෙන ගියා. එතනදි එයාට හරිම හොඳ ඩොක්ටර් ඇන්ටි කෙනෙක් හමුවුණා. ඩොක්ටර් ඇන්ටි හංසිගේ උසයි, බරයි මැන්නා හංසිත් එක්කත් අම්මත් එක්කත් විස්තර කතා කළා. හංසිගේ ලේ, පරීක්ෂණ වලට ගත්තා. හංසි ටිකක් බය වුනා. ඒත් එයාගේ බඩේ ස්කෑන් පරීක්ෂණය වැඩිය රිදුනේ නැහැ. ඩොක්ටර් ඇන්ටි හංසිට හොඳ ළමයෙක් කියලා කිවිවා.
ඩොක්ටර් ඇන්ටි මොනවද කිව්වේ?
හංසියි, අම්මයි ඩොක්ටර් ඇන්ටි බලන්න ආයෙත් ගියා. ඒ අරගත් පරීක්ෂණ වල ප්‍රතිඵල එක්ක. ඩොක්ටර් ඇන්ටි කිවිව විදියට හංසි ලොකු ළමයෙක් වෙමින් සිටිනවා.
ඒ කියන්නෙ “වැඩිවියට” පත්වෙමින් සිටිනවා.
වැඩිවියට පත්වෙනවා කියන්නෙ, පුංච් ගෑනු ළමයෙකූගේ ශරීරය වෙනස් වෙලා තරුණ ගැහැණු ළමයෙකූ බවට පත්වීමයි. එක එක ගැහැණු ළමයි වැඩිවියට පත්වන වයස වෙනස්. වැඩිපුරම ඒක වෙන්නේ අවු: 10-16ක් අතර දී. එත් හංසිගේ ශරීරය ඉක්මනින් වෙනස් වෙලා අඩුවයසින් වැඩිවියට පත්වෙන්න යනවා. ඒ නිසා ඩොක්ටර් ඇන්ටි හංසිට බෙහෙතක් නියම කලා. එම බෙහෙත් වලින් ශරීරයේ මෙම වෙනස් වීම හෙමින් කරන්න පුලුවන්. එතකොට හංසිටත් අනිත් ළමයින් සමඟ එකම කාලයකදි වැඩිවියට පත්වෙන්න පුලුවන්.
වැඩිවියට පත්වීම
අපේ ශරීරයේ “හෝමෝන” කියලා රසායනික ද්‍රව්‍යයක් හදනවා. මේ හෝමෝන වැඩිපුර හදන කාලයට ශරීරයේ වෙනස්කම් ඇතිවෙලා වැඩිවියට පත්වෙනවා. හෝමෝන අපේ හැඟීම්වලටත් බලපානවා. සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වන්නේ අවුරුදු 10-16 අතර කාලයේදියි. මෙම කාලයේදී ගැහැණු ළමයිනගේ පියයුරු ලොකු වෙන්න පටන් ගන්නවා. උකුල පළල් වෙන්න පටන් ගන්නවා, අත්යට සහ කකුල් දෙක අතර මැද රෝම වැවෙනවා එයට පසු ගැහැණු ළමයින්ට “ඔසප්වීම” කියලා දෙයක් වෙනවා. ඔසප් වීම කියන්නේ ඔවුන්ගේ යෝනි මගෙන් (කකුල් දෙක අතර පුංච් සිදුරෙන්) ලේ ටිකක් පිටවීමයි. මෙම ලේ ටිකක් පිටවීම දවස් කිහිපයක් තිබිලා නැවතත් සෑම මාසයකටම සැරයක් වෙනවා.මේක බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක සෑම ගැහැණු ළමයෙකුටම වෙන දෙයක්. සාමාන්‍යයෙන් ගැහැණු ළමයින්ට මුල්ම ඔසප් වීම අවු 11ත් 14ත් අතර වෙනවා. ඒත් ඊට කලින් හෝ ඊට පසු වෙන්නත් පුලුවන්.
හංසිගේ පියයුරු මුලින්ම වැඩෙන්න පටන් ගත්තේ එයාට වයස අවු 6දියි. මුලින්ම පියයුරු කුඩාව උල්වට තිබුනත් දැන් පිරුණු පෙනුමක් තියෙනවා. හංසිගේ අත්යට හා කකුල් දෙක අතර රෝම වැඩිලා. එයා පන්තියේ උසම ළමයා.
දැනගත යුතු තවත් දේවල්
ඩෝකටර් ඇන්ටි වැඩිවියට පත්වීම ගැන මේ දේවල් හංසිට කියලා දුන්නා. වැඩිවියට පත්වන කාලයේදී ඔයාට දුක හිතෙන්න සහ තරහා යන්න පුලූවන්. අනිත් අය කොච්චර ඔයා හොදට වැඩ කරනවා කිවිිවත් ඔයාට එහෙම හිතෙන්නෙ නැති වෙන්න පුන්දාවන්. කවුරුත් ඔයාව තේරුම් ගන්නෙ නැහැ කියලා හිතෙන්න පුන්දාවන්. ඒ වෙලාවට ඔයාගේ දෙමාපියන්ට ඒ ගැන කියන්න ඕන. එතකොට ඔයාගේ හිතේ දුක නැති වෙනවා.
- ඔයාගේ මුහුණේ තෙල් ගතිය වැඩිවෙන්න පුලුවන්. එතකොට ලප, කූරුලෑ එන්නත් පුලුවන්. ඒ නිසා දවසට දෙපාරක්වත් මුහුණ සේදීම වැදගත්.
- ඔයාට රස්නේ වෙලාවට වැඩිපුර දහදිය දමන්න පුලුවන්. වැඩිපුර අත්යට දහඩිය ගඳ ඇතිවෙන්න පුලුවන්. දිනපතා අත්යට හොඳින් සෝදා, පිරිසිඳු කර දහඩිය ගඳ නැති කරන ආලේපන “ඩියෝඩ්‍රන්ට්” පාවිචිචි කරන්න පුලුවන්.
- ඔසප් වීම නැත්නමි ලේ පිටවීම මේ කාලයේ ඇතිවන ලොකුම වෙනස් වීමයි. එම ලේ පැල්ලමි ඇඳුම් වල ගෑවීම ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ඒ සඳහා ඇති පෑඩිස් (සනීපරක්ෂක තුවා) ඔයාගේ යට ඇඳුමට සවිකිරීමෙන් ඇඳුම් වල ලේ පැල්ලම් ඇති නොවේ.
- මේ දවස්වලට ඔයාගේ බඩ හා කොන්ද ටිකක් රිදෙන්න පුලුවන්. යන්තම් රස්නෙ වතුරෙන් ඇඟ සේදීම හා රස්නෙ වතුරෙන් නෑමෙන් මෙය අඩු කරගන්න පුලුවන්. බඩ රිදෙන බව වැඩිහිටියන්ට කියලා ඒ සඳහා අදාල බෙහෙත් පෙති ඉල්ලා ගන්න.
- ඔයාගේ මේ වෙනස් වීම් නිසා සමහර පිරිමි අය ඔයා ගොඩක් ලොකූයි කියලා හිතන්න පුලුවන්. එහෙම අය ඔයාට කරදර කරන්න හැදුවොත් දෙමාපියන්ට හෝ ගුරුවරියට ඉක්මනටම කියන්න. එතකොට ඔයාට කරදරයක් වෙන එකක් නැහැ.
හංසිට දුන්න බෙහෙත
ඩොක්ටර් ඇන්ටි, හංසිට විශේෂ බෙහෙතක් දුන්නා. ඒ බෙහෙතෙන් එයාගේ ශරීරයේ සිදුවන වෙනස්කම් වෙන්නේ ගොඩක් සෙමින්. බෙහෙත ගැන විස්තර ඩොක්ටර් ඇන්ටි, හංසිගේ දෙමව්පියන්ට විස්තර කලා. ඒක විදින බෙහෙතක්. සෑම මාසයකටම සැරයක් හංසි සායනයට ගිහින් බෙහෙත විද ගන්නවා. ඒක ටිකක් විතර රිදුනත් ඒ බෙහෙත එයාට හොඳ දෙයක් කරන බව හංසි දන්නවා. බෙහෙත නිසා හංසිගේ පියයුරු වැඩීම සහා රෝම වැඩීම නැවතුනා. හංසිට ඔසප්වීමක් පටන් ගත්තෙ නෑ. බෙහෙත නිසා හංසිට එයාගේ අනිත් යාළුවන් වගේම සිටින්න පුලුවන් වුනා. නමුත් එයාට බෙහෙත් මාස පතා අවුරුදු කිහිපයක් ගන්න වෙනවා. එම කාලයේදී ඩොක්ටර් ඇන්ටි එයාව පරීක්ෂා කරනවා. වැඩිවියට පත්වෙන නියමිත වයස ආවහම බෙහෙත නවත්වනවා. එතකොට හංසිගේ වැඩිවියට පත්වීම සම්පූර්රණ වෙනවා.
හංසිගේ යාළුවෝ
හංසි එයාගේ හොඳම යාළුවා, පියුමිට එයාගේ රහස කිවිවා. පියුමි ඒක ගැන භය වුනේ නැහැ. ඊට පස්සේ අමායා සහ සෙනුලිටත් කිවිවා. ඒ ඔක්කොම වැඩිවිය පැමිණිම ගැන විස්තර අහන්න ආස වුනා. හංසිට එයා ගැන පොඩි ආඩමිබරයක් ඇති වුණා. එයා ඩොක්ටර් ඇන්ටි කියපු දේවල් යාළුවන්ට කියලා දුන්නා.
හංසිගේ අම්මා පන්තියේ ටීචර්ට විස්තරය කිවිවා. ටීචර් හංසිට කැමති නම් වෙනම කාමරයක ඇඳුම් මාරු කරන්න ඉඩ දුන්නා. ඒත් හංසි එයාගේ යාලුවොත් සමඟම එකට ඉන්න තීරණය කරා.

ඉතින් ඊට පස්සේ
අවුරුදු කිහිපයකට පස්සේ හංසිගේ පන්තියේ අනිත් ගැහැණූ ළමයිනුත් වැඩිවියට පත්වෙන්න පටන් ගත්තා. හංසිගේ බෙහෙත් නතර කළා. එයාගේ යාළුවන් සමග වැඩිවියට පත්වුනා.
*පිිිිිිිරිමි ළමයිනුත් වැඩිවියට පත්වෙනවා. ඒත් ඒක වෙනස් කථාවක්.
Burmingham ළමා රෝහලේ ප්රකාශනයක් ඇසුරින්
සැකසුම – වෛද්‍ය බුද්ධි ගුණසේකර
චිත්‍ර – වෛද්‍ය ප්‍රදීපා ගමගේ
උපදෙස් – විශේෂඥ වෛද්‍ය නවෝදා අතපත්තු
ළමා දියවැඩියා හා අන්තරාස්ර්ග ඒකකය රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ